ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රත්මලාන ගුවන් හමුදා කඳවුරට පිසූ කෑම පාර්සල් එපා - ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

    මැයි 30, 2017
    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව ඇති ජනතාව වෙත බෙදාහැරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පිසූ ආහාර ගෙන ඒමෙන් වළකින්න යැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් ඩී.ඒ.පී සෙනවිරත්න මහතා පැවසීය.
     
    ඊයේ (29) දිනයේ දී පමණක් රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙතින් පිසූ කෑම පාර්සල් 24985ක්, පාන් කිලෝ 2483ක්, වියළි ආහාර කිලෝ 10400ක්, වතුර ලීටර් 2473ක් සහ ඖෂධ ඇතුළු සෙසු ද්‍රව්‍ය කිලෝ 599ක් අවතැන් වූවන් වෙත ගුවන් මගින් ලබා දී ඇත.
     
    මීට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉල්ලීම් අනුව ගොඩබිමින් ද ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන අතර නාවික හමුදාව මාර්ගයෙන් ද ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya