ඒ අනුව මී උණ රෝගය වැළැක්වීම සඳහා ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවලට අවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය බෙදාහැරීමට පියවර ගත් බවත් ළිං පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් බෙදාහැරීම ද සිදු කර තිබෙන බව ඒ මහතා කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
පෞද්ගලික සහ රජයේ වෛද්‍ය සංගම් එක්ව සියලුම සෞඛ්‍ය මෙහෙයුම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන අතර ඉදිරි දින කිහියක් තුළදී ආපදාවට ලක් වූ සියලුම දිස්ත්‍රික්කවල වෛද්‍ය සායන පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.