ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල ප්‍රමිතියට නව පනතක් පාර්ලිමේන්තුවට

    මැයි 31, 2017

    සියලු විශ්වවිද්‍යාලයන්හී ප‍්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.



    ඒ මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල තුළ නවීන ලෝකයට ගැලපෙන පරිදි නව අධ්‍යන පීඨ ආරම්භ කරන බවයි.

    ‘‘සරසවි මැඳුර’’ කඩිනම් නේවාසිකාගාර ව්‍යාපෘතිය යටතේ ඉදිවන නව නේවාසිකාර ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවයකට එක්වෙමිනි. ‘‘සරසවි මැඳුර’’ කඩිනම් නේවාසිකාගාර ව්‍යාපෘතියේ අදියර 3ක් යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ පිටිපන පරිශ‍්‍රයේ මෙම නේවාසිකාගාර සංකීර්ණය ඉදිකරනු ලබන අතර එ් වෙනුවෙන් ආයෝජනය කෙරෙන මුදල රු.මිලියන 488කි. මහල් 4 බැගින් වන නේවාසිකාර දෙකක් මේ යටතේ ඉදිකිරීමට නියමිතයි. කාමර 200කින් යුතු මෙම නේවාසිකාගාර සංකීර්ණය මඟින් වසරකට සිසුන් 800ක් සඳහා නේවාසික පහසුකම් සපයනු ලබයි.


    විශ්වවිද්‍යාලවල දියුණුව සහ ශිෂ්‍යයන්ගේ පහසුකම් ගැන නිරන්තරයෙන් සොයා බලන බවත් නව රජය බලයට පත් වීමෙන් පසුව  ශිෂ්‍ය දීමනාව වැඩි කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2018 වසර අවසන් වීමට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ නේවාසිකාගාර ප‍්‍රශ්ණය විසඳන බවත් තාක්ෂණික දැනුම ඇති ශිෂ්‍යයන්ට විශාල ඉල්ලුමක් තිබෙන නිසා නවීන ලෝකයට සරිලන ලෙස විශ්වවිද්‍යාලවල තාක්ෂණික පීඨ ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන කළේය.

    වයඹ විශ්වවිද්‍යාලයේ සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කර අවසන් බව පෙන්වා දුන් ඒ මහතා කොළඹ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල තුළ ඉංජිනේරු පීඨ ආරම්භ කිරීම මේ වන විට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

    මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානයක, විශ්වවිද්‍යාල කොමිෂන් සභවේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya