පිඩාවට පත්ව සිටින ධීවර ජනතාව පිළිබදව මෙන්ම හානියට පත් ධීවර යාත්‍රා හා ධීවර ආම්පන්න සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් සපයන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අදාළ තොරතුරු ලද වහාම එම ධීවර ජනතාවට කඩිනමින් ලබාදිය යුතු සහන ලබාදීමටත්, හානියට පත් ධීවර උපකරණ වෙනුවෙන් නව ධීවර ආම්පන්න ලබාදීමටත් අවශ්‍ය සියළු පියවර ගන්නා බව දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පැවති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් පිඩාවට පත්ව සිටින හුංගම කළමැටිය මා දැල් ධීවර වරායේ ධීවර ජනතාව ට අවශ්‍ය සහන කඩිනමින් සැලසීමටද පියවර ගෙන ඇති බවය.
ඒ පිළිබඳව වහා සොයා බලා වාර්තාවක් සපයන ලෙස අදාළ නිලධාරීන්ට මේ වන විටත් උපදෙස් දී තිබේ. මෙම ජල ගැලීම් තත්වය හේතුවෙන් කලමැටිය මාදැල් ධීවර වරායේ නතර කර තිබූ බෝට්ටු පහක් දැල් ආම්පන්න සමඟ මුහුදට ගසාගෙන ගොස් තිබුණි.
රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මිරිදිය ධීවර කාර්මාන්තයේ නිරත ධීවර ජනතාව මෙම ජලගැලීම් හේතුවෙන් වැඩි වශයෙන් පිඩාවට පත්ව සිටින බවය. ඔවුන්ගේ ජිවනෝපාය මාර්ග යළි යතා තත්වයට පත්කරලීම වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිලිබදව දැඩි අවධානය යොමු කරමින් කටයුතු කරණ බවය.
ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී ඇති අතර පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී විවිධ හේතු දක්වමින් එම සහන ලැබීම කිසිදු ආකාරයකින් ප්‍රමාද නොකළ යුතු බවටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.