වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (31) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.
ආධාර ලබදීමේ දී ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වළකින ලෙස ද වෛද්‍යවරිය ඉල්ලීමක් කළාය. මාස 06ට අඩු දරුවන් විශේෂයෙන් මව්කිරි පමණක් ආහාරයට ගැනීම කළ යුතු හෙයින් ද කිරිපිටිවර්ග ලබාදීමෙන් ළඳරුවන්ගේ සෞඛ්‍යයට බලවත් ගැටළුවක් වන හෙයින් කිරිපිටි භාවිතයෙන් වැළකෙන ලෙස මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළාය.
ගංවතුර ආඅපදාව නිසා පිරිසිදු ජලය ලබාගැනීමේ අපහසුව, පරිසරය දැඩි ලෙස අපවිත්‍ර වී තිබීම නිසා ළඳරුවන්ගේ සෞඛ්‍යයට බලවත් ගැටළු අත් කර දෙන හෙයින් පිටිකිරිවර්ග ලබාදීම එම තත්ත්වය උග්‍ර අතට පත් කරන්නක් බවද වෛද්‍ය හිරණි ජයවික්‍රම මහත්මිය සඳහන් කළාය.
තවදුරටත් මව්කිරි ඉතාම සුරක්ෂිත ආහාර වෙළක් බැවින් එය දරුවන්ට ලබාදීම කළ යුතු බව ද කී වෛද්‍යවර්ය, මව්වරු අහිමි ළඳරුවන් සිටී නම් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා රජයේ වගකිවයුතු සෞඛ්‍ය කණ්ඩායම් විසින් ලබාදීමට කටයුතු කර තිබෙන බවද කීවාය.