ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුරින් විපතට පත් ජනතාවට රජය ලබාදෙන වියළි ආහර සළාකය අඛණ්ඩව

    මැයි 31, 2017

    ගංවතුර හා නාය යෑම්වලින්  විපතටපත් ජනතාවට දැනට නොමිලේ ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සළකය ඔවුන් නැවත පදිංචියට යන තෙක් අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර තිබේ.

    එමෙන් ම මෙම ආපදවලදී හනියට පත් වී ඇති නිවාස රජය මඟින් අලුත්වැඩියා කරදීමටත් අනවසර නිවාස ඉදිකොට  පදිංචි වී සිටි අයට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබාගෙන නිවාස තනාදීමට අමාත්‍යමණ්ඩලය තීරණය කොට  ඇති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අමත්‍යවරයා මේ බව පැවසී ය. විපතට පත් අනවසර පදිංචිකරුවන් යළි  පදිංචි කරවීම සඳහා අවශ්‍ය ඉඩම් සොයා දෙන ලෙස ඉඩම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya