ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සීනි අධික ආහාර ගැනීමෙන් බොහෝ පිරිසක් දියවැඩියාව සහ අධිරුධිර පීඩනයට ගොදුරු වෙලා

    ජූනි 01, 2017

    සීනි අධික ආහාර ගැනීමට හුරුවීම හේතුවෙන් රටේ බොහෝ පිරිසක් දියවැඩියාව සහ අධිරුධිර පීඩනයට ගොදුරු වී ඇතැයි කොළඹ, ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අද (01) සිට ඇරඹෙන ජාතික පෝෂණ මාසය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් වෛද්‍ය ජයවර්ධන මහතා මේ බව පෙන්වා දුන්නේ ය.

    ජනගහනයෙන් තුනෙක් එකක් මේ තත්ත්වයට ගොදුරු වී සිටිනවා.සියයට 35%ක් පමණ දියවැඩියා තත්ත්වයට මුහුණ දී තිබෙනවා. දියවැඩියාව හේතුවෙන් අධි රුධිර පීඩනය,හෞදයාබාධ ඇති වීම,සඳහා බලපානවා.මීට ප්‍රධාන වශයෙන් අපේ ආහාර රටාව බලපානවා. අද මුළු රටෙම තියෙන්නේ චූන් පාන් සංස්කෘතියක්. එම ආහාර  සංස්කෘතියෙන් මිදිය යුතුයි. අද කිසිවෙකු පයින් යන්නේ නෑ.ව්‍යායාම සිදු කිරීම අඩුයි.කෑම පාලනයෙන් සීනි මට්ටම අඩුකර ගත හැකි යැයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya