ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 01, 2017
    ගාල්ල දිස්ත්‍රික් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 
    අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන මනුෂ නානායක්කාර, නිශාන්ත මුතුහෙට්ටිගම දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් අමාත්‍යවරුන් ඇතුථ දේශපාලන නියෝජිතයින් ද ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
    මෙම සාකච්ඡාවට ප්‍රථම දිස්ත්‍රික්කයේ ආපදා සහන සේවා නිලධාරින් සමග හමුවකට එක් වූ ජනාධිපතිතුමා ආපදාවට ලක්වූ ජනතාවට දිරියක් වෙමින් සහන සැලසීමට ඔවුන් කළ කැපවීම ඇගයීමට ලක් කළේය.
    අනතුරුව දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ලැබුණු සහනාධාර නිල වශයෙන් ගාල්ල දිස්ති්‍රක් ලේකම්වරයා වෙත භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
    පොළොන්නරුව, අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, ති්‍රකුණාමලය, මන්නාරම, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, කෑගල්ල, ගම්පහ දිස්ත්‍රික්කවලින් මෙම ආධාර ලැබී තිඛෙන අතර ආපදාවට ලක්වූ සහෝදර ජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම පිළිබද ජනාධිපතිතුමා මෙහිදී සියලූදෙනාට තම ස්තූතිය පළ කළේය.
    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )
     
     
     
    gall4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya