ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ සිට සරසවි විෂය මාලාවට නව විෂයක්

    ජූනි 02, 2017

    ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක්ව ‘උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව’ වැඩසටහන ඔස්සේ ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ නමින් නව විෂයයක් හඳුන්වා දී තිබේ.

    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව ජාතික සමඟිය හා සංහිඳියාව කාර්යාංහය ක්‍රියාත්මක වේ.

    ඒ අනුව 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට මෙම නව විෂය එක්කිරීමට නියමිත අතර ඒ සඳහාවන අවබෝධතා ගිවිසුමකට ද පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභා පරිශ්‍රයේදී එම ආයතනය හා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය අතර අත්සන් තැබිණ.

    විසි හය වසරක් පුරා පැවති යුද්ධයට අවසන් වී මේ වනවිට වසර අටක් ගතවී තිබේ. එසේ වුවද සංහිඳියාව, සමාජ හා ආගමික සහජීවනය හා බැඳුණු ගැටලු දැනුදු සමාජය තුළ දක්නට ලැබේ. බිඳුණු හදවත් සුවපත් කිරීම හා ජාතිය ගොඩනැගීම දිගුකාලීන කටයුත්තක් බවට එය සාක්ෂ්‍ය දරයි. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව තුළ තිරසාර සාමයක් ඇතිකිරීමේදී තරුණ ප්‍රජාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

    මේ අනුව විශ්වවිද්‍යාල පද්ධතිය හරහා  ගැටුම් නිරාකරණය හා සංහිඳියාව පිළිබඳ නව විෂය මාලාවක් එළිදැක්වීමට ගනු ලැබූ මෙම පියවර, සංහිඳියාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරතිබෙන දීර්ඝ කාලීන හා මධ්‍ය කාලීන වැඩපිළිවෙළ සඳහා ද උපකාරී වනු ඇත. සරසවි විෂය මාලාවට මෙවන් විෂයක් ඇතුළු කිරීමෙන් අපේක්ෂා කරන්නේ,  බහුවාර්ගික හා බහු ආගමික පසුබිමක් පවතින ශ්‍රී ලංකාව තුළ සමාජ අවබෝධය හා සහජීවනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විවිධ සංස්කෘතින්ට අයත් සිසුන් අතර කතිකාවතක් ගොඩනැගීම ය.

    රුහුණු විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, අග්නි දිග විශ්ව විද්‍යාලය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ස්වාමි විපුලානන්ද ආයතනය, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හා ජාමියා නලීමියා ආයතනය යන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට මෙසේ ‘ගැටුම් නිරාකරණය හා සංහිඳියාව’ විෂයක් ලෙස හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

    මෙම වැඩසටහන  ක්‍රියාවට නැංවීම වෙනුවෙන් විශ්ව විද්‍යාල නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ.

    ඊට තෝරාගත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන හතක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙරට ක්‍රියාත්මක සියලුම සමාජ විද්‍යා පීඨයන්හි පීඨාධිපතිවරුන් ද එක්ව සිටියහ‍.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya