ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පොලීසියේ ස්ථාන මාරු කිහිපයක්

    ජූනි 02, 2017

    ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිගේ නිර්දේශයට අනුව පොලිස් සේවයේ ස්ථාන මාරුවීම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා අද (02) මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

    එම ස්ථාන මාරු  පහත සඳහන් පරිදි වේ.

    01.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත සහ වයඹ පළාත

    02.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයි.ආර්.ඩබ්ලිව් විජේගුණවර්ධන මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත සහ වයඹ පළාත සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස

    03.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  උතුරු පළාත ලෙස

    04. නියෝජ්‍ය පොලිස්පති  - පී. මුණසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සබරගමුව සිට නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව

    05. නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්. කොඩිතුවක්කු මහතා - පොලිස්පති තුමාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති සිට නියෝජ්‍ය පොලිස්පති සබරගමුව දිසාව

    06. නියෝජ්‍ය පොලිස්පති එස්. සී. මැදවත්ත මහතා - නියෝජ්‍ය පොලිස්පති පිරිස්, බඳවා ගැනී‍ම් සහ පුහුණු දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක දිසාව

    07. නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්.ධර්මරත්න මහතා - නියෝජ්‍ය පොලිස්පති යාපනය දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් සහ පුහුණු දිසාව

    08. නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ.ජයලත් මහතා - නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව

    09. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා - නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ අපරාධ බුද්ධි දිසාව සිට පොලිස්පති තුමාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස

    10. නියෝජ්‍ය පොලිස්පති කේ.පී. ප්‍රනාන්දු මහතා - නියෝජ්‍ය පොලිස්පති රථවාහන දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති යාපනය දිසාව

    11. නියෝජ්‍ය පොලිස්පති අයි.එච්.කේ.ඩබ්ලිව්. සිල්වා මහතා - නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය  නාශක දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන දිසාව

    12. නියෝජ්‍ය පොලිස්පති ඒ.එච්.එම්.ඩබ්ලිව්.සී.කේ. අලහකෝන් මහතා - නියෝජ්‍ය පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya