ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය පිළිබඳ පුවත් සාවද්‍යයි - සෞඛ්‍ය අමාත්‍යංශය

    ජූනි 05, 2017
    ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් පුවත්පත් පළ කර ඇති වාර්තා සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 
     
    ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි එම ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳ ව කිසිඳු ගැටළුවක් නොමැත. දැනට ඩෙංගු රෝගීන්ට සහ ඩෙංගු රක්තපාත රෝගීන් සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය තායිලන්තයෙන් පමණක් ආනයනය කරනු ලබයි. තව ද තායිලන්තයෙන් ගෙන්වා ලබාදෙන මෙම ඖෂධය හැර වෙනත් කිසිම රටක නිෂ්පාදනය කරන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධ ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිත නොකරයි. 
     
    ඩෙංගු රෝගය පිළිබඳ සැකකරන ඔිනෑම රෝගියෙකු උණ පවතින්නේ නම් රජයේ රෝහලකට ගොස් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව උදාකර ඇත. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගැනීමෙන් සංකූලතා ඇතිවීම අවම කර ගැනීමටත්, පමා වී පැමිණීමෙන් සිදුවිය හැකි මරණ වළක්වා ගැනීමටත් හැකියාව ඇත.  
     
    මෙි පිළිබඳ වැඩිඳුර තොරතුරු සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා අමතන්න - 0779169108
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya