ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු රෝගීන්ට ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් තවත් තොඟයක් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට

    ජූනි 05, 2017

    ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය රජයේ රෝහල්වල නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පානදුර ප්‍රදේශයේ දුප්පත් පවුල් 80 කට වියළි ආහාර මලු පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධ රජයේ රෝහල්වල නොමැති බවට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සිදු කරන්නේ අමූලික බොරුවක්. රජයේ රෝහල්වල මෙම ඖෂධය අවශ්‍ය තරම් තිඛෙනවා.

    අඟහරුවාදා රාත්‍රීයේ තවත් ඖෂධ තොග තායිලන්තයෙන් ලංකාවට ලැබෙනවා. වසර ගණන් තියාගන්න ඖෂධ තොග ලැබෙන්නේ නැහැ. මෙම ඖෂධය වෙළෙදපොලෙන් මිලදී ගන්නත් බැහැ. තායිලන්ත රජයෙන් විතරයි ලබාගන්න පුළුවන්. අවශ්‍ය තරම් ඖෂධ තොග ලබාදෙන්න තායිලන්ත රජය පොරොන්දු වී තිබෙනවා. ඖෂධ නොමැති බවට බොරු ප්‍රචාර සිදු කරන වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්දැයි මට ප්‍රශ්නයක් තිබෙනවා.”

    ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නිසි පරිදි සහන නොලැඛෙන බවට සිදු කරන ප්‍රකාශ පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කරන ලදි.

    "ගංවතුර ආධාර රජය විසින් නිසි පරිදි බෙදා දෙනවා. රජය සහ ස්වෙච්ඡා සංවිධාන ආධාර බෙදා දුන්නේ නැතිනම් කවුද බෙදා දුන්නේ. ඉදිරියටත් ජන ජීවීත ගොඩනැගීමට සහයෝගය ලබාදෙනවා. අපි දැක්කා විමල් වීරවංශලා සහ රාඡපක්ෂලා මොනවත් නැතිව අත වන වනා අවතැන් වූවන් බලන්න යන හැටි.”

    පානදුර දිබිබැද්ද ප්‍රදේශයේ මෙම උත්සවය පැවැති අතර, එහිදී අසරණ දුප්පත් ජනතාව වෙත වියළි ආහාර මලු බෙදා දෙන ලද්දේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසිනි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya