ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කාලගුණයට ගැලපෙන සැලසුම් සකස් කළ යුතුයි- විදේශ ඇමැති

    ජූනි 06, 2017

    ලෝක කාලගුණික තත්ත්වයන්ගේ පරිවර්තනයත් සමඟ ඊට ගැලපෙන සැලසුම් සකස් කිරීමේ කාලය දැන් පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී ඇති බවයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් වූ ජනතාවගේ සුව දුක් බැලීම සඳහා පසුගියදා ප්‍රදේශයේ සිදු කළ  සංචාරයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

    විදේශයන්ගෙන් ලැබෙන සහනාධාර නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහැරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රවී කරුණානායක මහතා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගෙන් ඉල්ලීමක් කළේය. ජනතාවගේ අවශ්‍යතා සඳහා තවදුරටත් අඩුපාඩු පවතින්නේ නම්, ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද  කරුණානායක මහතා ආපදා සහන නිලධාරීන්ට දැන්වීය.

    මෙවැනි ස්වභාවික විපතකදී මුහුණ දීම සඳහා තමා මුදල් අමාත්‍යවරයාව සිටියදී හඳුන්වා දුන් ජාතික රක්‍ෂණ ක්‍රමවේදය මගින් අවශ්‍ය වන්දි ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි. රජයක් හැටියට හඳුන්වාදෙන එවැනි සැලසුම් ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.


    තම ඉල්ලීම පරිදි විදේශ රටවල් රැසක් දැනටමත් විශාල සහනාධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒවා ඇති බවත් තමන් සතු විදේශ සබඳතා අනුව තවදුරටත් ජාත්‍යන්තරයෙන් සහාය ලබා ගැනීමට ක්‍රියා කරන බවත් අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya