ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වැලිගමට මධ්‍ය හා දිගුකාලීන විසඳුම් වාර්තාවක්

    ජූනි 06, 2017

    වැලිගම කොට්ඨාසයට බලපෑ ස්වභාවික ආපදා අවම කිරීමට මධ්‍යකාලීන හා දිගුකාලීන විසඳුම් වාර්තාව දින 05 ක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර විසඳුම් ලබා ගන්නා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය හා වැලිගම ආසනයේ ආපදා සහන සම්බන්ධ්කරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වැලිගම ආසනයට බලපෑ ව්‍යසන තත්ත්වය පිළිබඳව සොයාබැලීම පිණිස වැලිපිටිය සහ වැලිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි පැවති විශේෂ නිරීක්ෂණයකට සහභාගි වෙමිනි.

    දිවයිනට බලපෑ ව්‍යසන තත්ත්වය පිළිබඳව සොයාබලා කටයුතු කිරීම පිණිස ආසනයට එක් අයෙකු බැගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පත්කිරීමේ වැඩසටහනට සමගාමීව වැලිගම ආසනය පිළිබඳව සොයාබලා කටයුතු කිරීම පිණිස  ජනාධිපතිතුමන් විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාව පත්කර තිබේ.

    නැති වූ මිනිස් ජීවත හැර අනෙකුත් සියලු දේ ලබාදීමට රජය කටයුතු කරන අතර භෞතික සම්පත් මෙන්ම විපතට පත් ජනතාවගේ මානසික සුවය ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම ආපදා තත්ත්වයෙන් විදුලි විසන්ධි වීම් වැඩිවශයෙන් මාතර දිස්ත්‍රික්කයට සිදු වූ අතර මේ වන විට 99%ක් යථා තත්ත්වයට පත් වී තිබෙන බවත් ඉතුරු වසන්ධිවීම්  ද කඩිනමින් යථා තත්ත්වයට පත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya