ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සියලු ආගමික ස්ථානවලට සූර්ය විදුලිබලය

    ජූනි 08, 2017

    සියලුම ආගමික සිද්ධස්ථාන අදියර කිහිපයක් යටතේ සූර්ය විදුලිබලයෙන් ඒකාලෝක කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල සංග්‍රාම ව්‍යපෘතිය යටතේ මහ රහතුන් වැඩ සිටි ‍ඓතිහාසික දොඩම්ගස්ලන්ද රීදී විහාරයට සූර්බල පද්ධතියක් පූජා කිරීමේ පුණ්‍ය උත්සවයට අද (08) සහභාගී වෙමිනි.

    මෙම ව්‍යාපෘතිය යටතේ අදියර කිහිපයකින් සමස්ත ආගමික ස්ථාන වෙත සූර්යබල පද්ධති ලබාදී හරිත බල ශක්තිය ආගමික සහජීවනය හරහා ජනතාවට ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

    මේ වන විට මෙගාවොට් 50කට වැඩි විදුලි ධාරිතාවක් ඉතා කෙටි කාලයක් තුළ ජාතික විදුලිබල පද්ධතියට ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙමඟින් විදේශයට ඇදී යන දේශීය විනිමය ඉතුරු කරගැනීමට ආවකාශ ලැබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya