ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පීඩාවට පත් දරුවන්ට සහන පැකේජයක්

    ජූනි 08, 2017

    පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන් විසි පන්දහසකට පමණ පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අත්‍යාවශ්‍ය  සියලුම ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි කටයුතු යොදා තිබේ.

     මේ සඳහා ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සිටිති.

    ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන එක් රැස් කළ ද්‍රව්‍ය ආධාර අමාත්‍යාංශය වෙත ලබාදීම  ඊයේ (07) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම සද්කාර්යයට දායක වූ පාසල් දරුවන් සියලු දෙනාගේ පරිත්‍යාගශීලි දායකත්වය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

    පීඩාවට පත් වූ සිසු දරුවකු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන සහන පැකේජයට රු 10,000 ක් පමණ වටිනා ද්‍රව්‍ය ඇතුළත් වේ. ඒ අතර නිල ඇඳුම් රෙදි කට්ටල 3ක්, සපත්තු වවුචරයක්, පෙළ පොත් සහ අභ්‍යාස පොත් ඇතුළත්. මීට අමතරව ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන විසින් එක් රැස් කළ  ද්‍රව්‍ය ආධාර ද පීඩාවට පත් සිසුන් සඳහා ලබා දීමට නියමිතයි.

    අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජ ලබාදීමේ දී සැබැවින්ම පීඩාවට පත් වූ පාසල් දරුවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන් වෙත ඒවා ලබා දීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව අදාළ පාසල් දරුවන් සම්බන්ධ නිවැරදි තොරතුරු පන්තිභාර ගුරුවරයා, විදුහල්පතිවරයා සහ ග්‍රාම නිලධාරිවරයා යන අය විසින් සහතික කර තිබීම අනිවාර්ය බව ද අමාත්‍යවරයා සඳහන් කළා. නිවැරදි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි සතියේ සිට පීඩාවට පත් පාසල් දරුවන් වෙත සහන පැකේජ ලබාදිමට සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya