ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හෙද සේවයට යන්නන් පුහුණුවට ඕස්ට්‍රේලියානු ආයතනයක්

    ජූනි 09, 2017

    විදෙස් රටවල රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට Talisium  නම්  ඕස්ට්‍රේලියානු ආයතනය එකඟත්වය පළකොට තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද දින (09) අත්සන් කරන ලදී. ඒ සඳහා කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ආර්.කේ.ඔබේසේකර මහතා අත්සන් කළ අතර, Talisium  ආයතනය වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිළධාරී Brennan මහතා අත්සන් කරන ලදී.

     

    Talisium ආයතනය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා ලොව පිළිගත් ආයතනයක් වන අතර සාත්තු සේවය හා හෙද වෘත්තියට අදාළ පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන ලාංකික ශ‍්‍රමිකයින්ට ලබාදීම මේ හරහා සිදුවේ.

     

    පළමු අදියර යටතේ හෙද ක්ෂේත‍්‍රයේ සුදුසුකම් ඇති පුහුණු ශ‍්‍රමිකයින්ට වැඩිදුර පුහුණුවක් මෙමඟින් ලබා දෙන අතර,  ඕස්ට්‍රේලියානු ප‍්‍රමිතීන්ට අනුකූල සහතිකපතක් නිකුත් කරයි. ඉන්පසු අදියරයන් යටතේ නුපුහුණු ශ‍්‍රමිකයින්ටද අවශ්‍ය පුහුණුව මෙම ආයතනය මඟින් ලබා දේ.

     

    කාර්යාංශයේ මැදිහත්වීම මත මෙම පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කරන අතර සියලුම පාඨමාලාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

     

    මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේලියානු මහකොමසාරිස් Bruce Hutchesson මහතා, ජ්‍යෙෂ්ඨ වෙළෙඳ හා ආයෝජන කොමසාරිස් Leonie Muldoon මහතා, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් වන ඩබ්.එන්.වන්සේකර, කිෂෝලි පෙරේරා, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) මංගල රන්දෙණිය යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya