ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යෝජිත හෙඳ පීඨයට ලබන මස මුල්ගල තැබේ

    ජූනි 10, 2017

    ශ්‍රී ජයවර්ධන මහ රෝහල් භූමියේ ඉදිකිරීමට යෝජිත හෙඳ පීඨයට ලබන මාසයේ මුල්ගල තබන බවත් ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 200ක් බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සම සෞඛ්‍ය සහ පරිපුරක වෛද්‍ය උපාධිය සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව වෙනම පීඨයක් ස්ථාපිත කරනවා. විදේශීය රටවලට අවශ්‍ය සෞඛ්‍ය උපාධිධාරීන් බිහි කිරිම එහි අරමුණ යැයි අමාත්‍යවරයා පවසයි.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,පසුගිය දා කළුතර මහරෝහලේ නව සායන සංකීර්ණය, හෘද රෝග ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 310 කි.

    වසර 2020 වනවිට දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් සෞඛ්‍ය සේවාවට ලබාගැනීම අරමුණක්. කොළඹ ජාතික රෝහල කේන්ද්‍ර කර ගනිමින් හෘද රෝගීන්ට ඇටමිදූළු බද්ධ කිරීම කඩිනමින් ආරම්භ කරනවා. ඒ සදහා සාකච්ඡා පවත්වනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya