ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුර ආපදා සහන සැළසීමේදී රජයේ නිලධාරීන්ගේ ක්‍රියාව ප්‍ර‍ශංසනීයයි

    ජූනි 10, 2017

    රජයේ නිලධාරීන් ගංවතුර ආපදා සහන සැළසීමේදී ප්‍ර‍ශංසනීයව ක්‍රියා කළ බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

    ආපදා වලට මුහුණදී සිටින ජනතාවගෙන් චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක් බවත්, විශේෂයෙන් ස්වාභාවික ආපදා වලින්, උන්හිටිතැන් අහිමි වූ ජනතාවගේ මානසික තත්වය මත එවැනි චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක් බවත්,  ඇමැතිවරයා පැවසුවේ  පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ආපදා සහන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

    කළුතර අගලවත්ත ප්‍රදේශයේ නාය යෑමෙන් හා ගංවතුරින් අවතැන්වූ ජනතාවට සහන සැළසීමේ කමිටු ප්‍ර‍ධානියා ලෙස ඇමැති එස්.බී.දිසානායක ඇමැතිවරයා අදාළ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක මෙන්ම රාජ්‍ය නිලධෘරීන්ගේ හමුවකටද සහභාගී විය.

    මෙම රැස්වීමේදී ප්‍රදේශයේ ජනතාවට මතුවී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගත් ඇමැතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේද පැවසුවේය.

    “ග්‍රාමනිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ප්‍රාදේශිය ලේකම් වරුන්, සමාජසේවා නිලධාරීන්, ඇතුළු රජයේ සියළු නිලධාරීන්, රෑ දවල් නැතුව මේ තත්වය සමනය කරන්න වැඩ කළ නිසා තමයි මේ කොට්ඨාශයේ තිබූ අවතැන් කඳුවුරු විසිපහ හයකට බැස්සේ. මේ පලාතේ දේශපාලන අධිකාරිය ඉතා හොඳින් ක්‍රියා කරපු බව පේනවා. අවතැන් වූවන්ට කෑම බීම, ලෙඩ රෝග, ප්‍ර‍වාහන, විදුලිය, වගේ ගැටළු නැහැ. ඒකෙන් පේනවා රජයේ නිලධාරීන් හොඳින් ක්‍රියා කරපු බව.

    මේ පළාතේ නිවාස අහිමි වුවන්ට ඉතා ඉක්මනින් අප නිවාස ලබා දෙනවා, විදුලිය, මාර්ග බිඳවැටීම් ඉතා ඉක්මනින් පිළිසකර කරනවා. සමෘද්ධි ව්‍යාපාරයෙන් මේ අයට ගෙවල් පිරිසිදු කර ගැනීම සඳහා පිරිසිදු කිරීමේ ද්‍ර‍ව්‍ය පාර්සලයක් ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya