ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පොදු ප්‍රවාහනයේ කප්පම් නැති කිරීමට නියාමනයක්

    ජූනි 13, 2017

    ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ පැන නැගී තිබෙන මැරක්‍රියා සහ කප්පම් ගැනීම් නතර කිරීම සඳහා නියාමන ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබී තිබෙන පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා පියවර ගැනීම තනිව සිදු කළ නොහැකි බව ද සඳහන් කළේය.

    බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාතික හා පළාත් ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරිම පිළිබඳව වැඩමුළුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සියලු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවල සිටින නිලධාරින් සහ පළාත් ප්‍රවාහන අමාත්‍යවරුන් සහභාගී වී සිටින මෙම සාකච්ඡා මණ්ඩපයේදී තමා තීරණය කළ බවත් මේ සියලු බස් නවතුම්පොලවලට ආරක්‍ෂිත කැමරා පද්ධති සවි කිරීමටත් ඒ තුළින් කප්පම් ගන්න සහ කප්පම් ලබාදෙන පිරිස නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවන බව තම විශ්වාසය බවත් අමාත්‍යවරයා පැවසීය.

    බස් පර්මිට් ලබාදීමද මේ වන විට නිසි ටෙන්ඩර් පරිපාටියට අනුව සිදු වන බවත් පසුගිය කාලයේ මෙම පර්මිට් ලබාදීමේ දී සිදු වූ අකටයුතු පිළිබඳ පරීක්ෂා කිරීමට ද පියවර ගෙන තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    එම වැඩමුළුවේදි ප්‍රවාහන කේෂත්‍රයට බලපාන ප්‍රධාන කරුණු 12ක් පිළිබඳව සාකච්ඡාවට ලක් වූ අතර ඒවා පහත සඳහන් වේ.
     
    •    බස් නැවතුම්පලවල් මගින් අසාධාරණ ලෙස ගාස්තු අය කිරීම
    •    අන්තර් පළාත් බස් සේවා අවසර පත්‍ර නිකුත් කිරීමේදි පවතින අක්‍රමිකතා සහ ගැටලු
    •    වේලා සටහන් කරුවන්ගේ ඒකාධිකාරය
    •    පළාත් අධිකාරි විසින්  ටෙන්ඩර් ක්‍රමයට බලපත්‍ර නොදීම
    •    බස්ගාස්තුඑවල විෂමතා පැවතීම
    •    පාසල් වෑන් රථ සහ ත්‍රී රෝද රථ මගින් සිදු කරන ප්‍රවාහන කටයුතුවල ගුණාත්මක භාවය වැඩි කිරිම
    •    මගී පැමිණිලි කළමනාකරණය කිරීම
    •    බස් නැවතුම්පලවල් වල කප්පම් ලබා ගැනීම.
    •    ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඇති කිරිම. යන ප්‍රධාන කරුණු මේ අතර වේ.

    අද පැවති මෙම වැඩමුළුවට දකුණු පාළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, ඌව පළාත් ප්‍රවාහන අමාත්‍ය සාලිය සුමේධ සිල්වා, උතුරු මැද පළාත් ප්‍රවාහන අමාත්‍ය සුසිල් ගුණරත්න යන අමාත්‍යවරුන් ඇතුළු ජාතික ගමනා ගමන කොමිසමේ  සභාපති එම්.ඒ.පි. හේමචන්ද්‍ර මහතා ඇතුළු නිළධාරින් සහ පළාත් ප්‍රවාහන අධිකාරිවල  නිළධාරින් රැසක්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya