ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ සංකීර්ණවලට මුල්ගල තැබීම් 17 සහ 18 දෙදිනදී

    ජූනි 13, 2017

    මාන්කුලම්, මුලතිව්, මැදවච්චිය හා කහටගස්දිගිලිය අධිකරණ සංකීර්ණ සඳහා මුල්ගල් තැබීම ලබන 17 සහ 18  දෙදින අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    යුක්තිය පසිඳලීමේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ජනතාවට ලබාදීමේ අරමුණින් මාන්කුලම්, මුලතිව්, මැදවච්චිය හා කහටගස්දිගිලිය අධිකරණ සංකීර්ණ කාර්යාලවල පැවති ඉඩකඩ ප්‍රශ්නයට විසදුම් ලබාදීමේ අරමුණින් මෙම ඉදිකිරීම් සිදු කරනු ලබයි.


    ඉදි කිරීමට අපේක්ෂිත මාන්කුලම් අධිකරණ සංකිර්ණයට රුපියල් මිලියන 463ක මුදලක් ද රුපියල් මිලියන 569 ක මුදලකින් ඉදි කිරිමට නියමිත මුලතිව් අධිකරණ සංකිර්ණයට සහ මැදවච්චිය හා කහටගස්දිගිලිය අධිකරණ සංකීර්ණ  සඳහා වැය වේ.

    මහජනතාව අපේක්ෂා කරන පරිදි කාර්යක්ෂම අධිකරණ සේවාවක් ලබාදීම ඉලක්ක කර ගෙන දිවයිනේ උතුරු පළාත ඇතුළු දිවයිනේ අධිකරණ කාර්යාලවල පවතින ගොඩනැගිලි හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යපෘතිය යටතේ මෙම අධිකරණ සංකීර්ණ ඉදි කෙරේ.

    මෙම ගොඩනැගිලි මහේස්ත්‍රාත් අධිකරණ දිසා අධිකරණ ලේඛණාගාර නීතිඥවරුන්ගේ කාර්යාල වැනි පහසුකම්වලින් සමන්විතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya