ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    තායිවාන විශේෂඥ වෛද්‍යවරුන් දෙනියායට

    ජූනි 13, 2017

    ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ මැදිහත්වීමෙන් පසුගියදා මෙරටට තායිවාන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණි අතර මෙම වෛද්‍ය කණ්ඩායම දෙනියායේ වෛද්‍ය කඳවුරු පවත්වමින් පසුගියදා ඇති ගංවතුර හේතුවෙන් ආපදාවට පත් ජනතාවට වෛද්‍යාධාර ලබාදුන්නහ.

    දෙනියාය මාධ්‍ය විද්‍යාලය, පිටබැද්දර දන්කොලුව දුමින්දාරාම විහාරස්ථානය සහ බෙන්ගමුව චේතිය කන්දාරාමය යන ස්ථානවලදී මෙම වෛද්‍ය කඳවුරු පැවැත්විණි.

    අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතාගේ ආරාධනය මත, මෙම වෛද්‍ය කණ්ඩායම පැමිණි ඇත.

    අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා ඇතිවූ ස්වභාවික විපත්වලින් පිඩාවට පත්වූ ප්‍රදේශවල ජනතාවට වෛද්‍ය කඳවුරු පැවැත්වීමට ඔවුන් ක්‍රියාකරනු ලැබීය. ඒ අනුව කොලොන්නාව, රත්නපුර, බලන්ගොඩ යන ප්‍රදේශවල සහ දෙනියාය ආසනයේ ස්ථාන කිහිපයකද වෛද්‍ය කඳවුරු පවත්වා ඇත.

    මෙම වෛද්‍ය කණ්ඩායම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වූ අතර ඔවුන් දියුණු තාක්ෂණික වෛද්‍ය උපාංග භාවිතා කරමින් රෝග තත්ත්වය පරික්ෂාකර බැලීමද සිදුකෙරිණි. මෙම සියලු වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීමේ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උපදෙස් මත ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ උපදේශක ලසන්ත ගුණවර්ධන මහතා ඇතුලු එම සංවිධානයේ සාමාජිකයන් විසින් සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya