අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතනවල කඔ ඇදීම් තුළින් මතුවන අහිතකර ප්‍රතිවිපාකවලට ජනතාවට පිඩාවක් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළ බව ද රවී කරුණානායක මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව, ත්‍රිවිධ හමුදාව හෝ යොදවා අප ද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගත යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
අප ද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව පළාත් ප්‍රධාන ඇමතිවරයා සහ රේඛීය අමාත්‍යාංශ අතර පවතින පරස්පරතාවයන් හමුවේ ජනතාවට බලපෑමක් වීමට ඉඩ නොතැබිය යුතු යැයිද කරුණානායක මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.
කොටහේන, කනපති හින්දු බාලිකා විද්‍යාලයේ, නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සඳහා පැවති උත්සව අවස්ථාවට එක් වෙමින් ඊයේ (14) අමාත්‍යවරයා මේ බව පැවසීය.
"ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ මෙම ගොඩනැගිල්ල ඉදි කෙරෙනු ඇත."
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද එක්ව සිටියේය.