ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කසලවලට සෞඛ්‍ය ඇමැතිගෙන් ජනපතිට යෝජනාවක්

    ජූනි 15, 2017

    ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සඳහා බලපා ඇති කසල කළමනාකරණය විධිමත් නොවීම හේතුවෙන් තාවකාලික විසඳුමක් ලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සති දෙකක කාලයක් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොදවා කසල කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (14) පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. මෙම සාකච්ඡාවට හෙට්ටිගොඩ පෞද්ගලික සමාගමෙි නියෝජිතයින් එක්ව සිටි අතර, ඔවුන් පාසල් 500 ක දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මෙහිදී පොරොන්දු විය.

    මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "

    ඩෙංගු රෝගය ලෝකය පුරාම වර්තමානයේ ව්‍යාප්ත වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහිදී කසල කළමනාකරණය ඉතාම වැදගත් බව ද සඳහන් කළේය.

    ඒ සඳහා දැඩි නීති රීති ගෙන ආ යුතු බව ඒ වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය ලේකම් වී.ජී.එස් ගුණතිලක මහත්මිය, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම හෙට්ටිගොඩ පෞද්ගලික සමාගමෙි කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya