ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ නිවාස හෙට පැයක කාලයක් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක්

    ජූනි 15, 2017

    සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හදුන්වා දී ඇත.


    එම කාලය තුල නිවාස සහ රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බවත්, ඒවා නිරීක්ෂණය කිරිම සදහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත්‍රීවිධ හමුදා සාමාජිකයින් පැමිණෙන බවත්, සෞඛ්‍ය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    එම පරික්ෂා කිරිම් වලදී ඩෙංගු මදුරු කීටයින් හමුවන පරිශ්‍ර ධූමානය කිරිමට ද නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මකය.

    මෙම වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය පිරිසිදු කිරීමෙි වැඩසටහන හෙට (16) පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට නියමිතය.

    ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළුම ආයතන ප්‍රධානීන් සහ සේවක සේවිකාවන් එක්වන බව වැඩබලන සෞඛ්‍ය ලේකම් වී.ජී.එස් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya