ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදුලි ටෙන්ඩර් කැඳවීමට සූදානම්

    ජූනි 16, 2017

    පළවෙනි වතාවට සුර්ය බලය සඳහා මෙගාවොට් 1 බැගින් ස්ථාන 20කට මෙගාවොට් 60ක් ලබාදීමට මිල ගණන් කැඳවූ බවත් මෙතෙක් රු.23.10ට මෙතෙක් මිලදී ගත් සුර්ය බල ඒකකයක් අවම මිල රු.12.73 දක්වා අඩු වී තිබෙන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ අනුව සාමාන්‍ය මිල රු.17.01 දක්වා අඩු තිබෙන අතර මේ ජයග්‍රහණය සමස්ත ජනතාවගේ, ලක්ෂ 55 ක් වූ විදුලි පාරිභෝගිකයන්ගේ බවයි.

    කතාබහට ලක්වුණු ස්වභාවික ද්‍රව වායු පළවෙනි ටෙන්ඩරය තාක්ෂණික යෝජනා ටික විවෘත කිරීමට හැකි වූ බවත් මීට 6 දෙනෙක් තරඟ කළ බවත්  ඉදිරි මාස 2 තුළ  මේ රටේ ඉදිරි කාලයටම අවශ්‍ය විදුලි බලය නිෂ්පාදන ටෙන්ඩර් කැඳවීමට සූදානම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එය මෙගාවොට් 870ක් වන අතර ඒ තුළ සුර්ය බලය මෙගාවොට් 200ක්, සුළං බලය මෙගා වොට් 170ක් ආදී වශයෙන් සිදු කෙරෙන අතර විනිවිද භාවයනේ කටයුතු කෙරෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.

    මේවාට විවධ කථා කියාවි. නමුත් අප විනිවිද භාවයකින් යුතුවයි කටයුතු කරන්නේ. අසාධාරණයක් වන අයට අභියචනා මණ්ඩලයල උසාවිය තියෙනවා.”යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යල රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


    විදුලි බෙදාහැරීම් කලාප අංක 04 ප්‍රධාන කාර්යාලය මාස 20 කින් නිම කිරීමේ ඉතාමත් කාර්යක්ෂම සැලැස්මකට වැඩ ආරම්භ කිරීම ඊයේ (15) දින සිදු වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි, අතිරේක සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya