ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුරෙන් සම්පුර්ණයෙන් විනාශ වූ නිවාස සදහා රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි - සෞඛ්‍ය ඇමැති

    ජූනි 26, 2017

    ගංවතුර හේතුවෙන් සම්පුර්ණයෙන් නිවස විනාශ වූ බුලත්සිංහල පොල්වත්තහේන ප්‍රදේශයේ පදිංචි ජී.කේ සුමින්ද මහතාට නව නිවසක් ඉදිකර දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ගංවතුරෙන් පුර්ණ වශයෙන් නිවාස අහිමි වූවන් සදහා නිවාස ඉදිකරදීමෙි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කළා. ඒ අනුව බුලත්සිංහල ප්‍රදේශයේ අන්ත දිළිදු පවුල් 02 කට මුලින්ම නිවාස ඉදිකර දෙනවා. ඔවුන්ට ආධාරත් ලබාදෙනවා. රජය විසින් නිවාස ඉදිකර දීමට ද තීරණය කර තිඛෙනවා.

    "වත්මන් රජය බලයට පත් වූ පසු දිවයින පුරා සියළුම නිවාස රජය විසින්ම රක්ෂණය කර තිඛෙනවා. හදිසි ආපදාවකින් හෝ වෙනත් ක්‍රමයකින් නිවස විනාශ වුවහොත් රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ලැඛෙනවා. ඉතිරි මුදල පමණයි රජයෙන් ලබාදෙන්නේ. ඒ අනුව ගංවතුර හේතුවෙන් සම්පුර්ණයෙන් නිවාස විනාශ වු අයටත් මෙම වන්දි ලැඛෙනවා. මීට පෙර මෙවැනි වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක වුයේ නැහැ. ධනපතීන් තමන් පිළිබද පමණයි සිතන්නේ. නමුත් ගංවතුරේ දී අනෙක් පුද්ගලයාගේ දුකත් ධනපතියාට තේරුනා. එය ශ්‍රේෂ්ඨ ගතිගුණයක්. රජයට පමණක් සියළුම දේ ඉටු කරන්නත් බැහැ. පෞද්ගලික අංශයේ දායකත්වයත් අවශ්‍යයයි. ඇමරිකාවෙි පසුගිය කාලයේ ගංවතුර ඇති වූ අවස්ථාවෙි දී එරට රජය ජනතාවට උදවු කළේ නැහැ. නමුත් අප රටේ වත්මන් රජය විපත සිදු වූ අවස්ථාවෙි සිට ජන ජීවිත නගාසිටුවන්න පියවර ගන්නවා. ශ්‍රී ලංකාවෙි සංස්කෘතිය එයයි. ඊට මුලික අඩිතාලම වැටිී ඇත්තේ බෞද්ධ දර්ශණය හේතුවෙන්. බෞද්ධ දර්ශණය සහ සංස්කෘතිය ඉදිරියටත් ආරක්ෂා කළ යුතුයි.”

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි තරංග රණවක, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාර සේනාධිීර, හොරණ මුලික රෝහලේ අධ්‍යක්ෂ තමර කළුබෝවිල, ධීවර සංස්ථාවෙි හිටපු සභාපති මහිල් සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ බුලත්සිංහල සම්බන්ධීකාරක මංජුල රණවක යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya