ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුරින් හානියට පත් කුඹුරු නැවත වගාවට ආධාර

    ජූනි 27, 2017

    පසුගියදා ඇති වූ ගංවතුරින් හානියට පත් කුඹුරු නැවත වගාව සඳහා ආධාර ලබාදීම ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ.

    ඇල්පිටිය හා පිණිකහණ ගොවිජන සේවා බල ප්‍රදේශ වල ඕමත්ත, අවිත්තාව, මැටිවිලිය, කැටපල, හිඹුටුගොඩ, කහදුව, රෑකඩහේන, වතුරවිල යන ප්‍රදේශ වල කුඹුරු අක්කර 65ක පමණ වගා කටයුතු යළි ආරම්භ කිරීමටද, ගොවීන් 117 දෙනෙකු අතරේ බිත්තර වී බෙදාදීම පසුගිය දා අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වලදී, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානයක්කාර, ගොවිජන සේවා නිලධාරී චන්ද්‍රලතා ඈපා යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya