ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී විදුලිය මිලදීගැනීම ටෙන්ඩර් මගින් පමණයි - අජිත් පී පෙරේරා

    ජූනි 27, 2017
    ඉදිරියේ දී විදුලිය මිලදීගැනීමේ කටයුතු තරගකාරී මිල ගණන් යටතේ විවෘත ටෙන්ඩර් කැඳවීම් මගින් සිදු කරන බවත් බලපත්‍ර ක්‍රමය වෙනුවට විවෘත ටෙන්ඩර් කැඳවීම මගින් එම සේවාවන් ලබාගැනීම හොඳම සහ ලාභදායි ක්‍රමය බවට හඳුනාගෙන ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශන්කි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) එම අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    පසුගිය මැයි මාසයේ දී පළමුවරට සුළං බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළ බවත් ඒ හරහා විදුලි ඒකකයක මිල රුපියල් 19 සිට රුපියල් 12ක පමණ සාමාන්‍ය අගයක් දක්වා අඩු වී ඇතැයි ද පෙන්වා දුනි.
     
    මෙම සියලු ටෙන්ඩර් සඳහා ඉදිරිපත් ව ඇත්තේ දේශීය ව්‍යාපාරිකයන් බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී තරගකාරී වෙළඳපොළත් ඇති කරමින් ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ම ඒ හරහා මෙගා වොට් 875ක් වූ විදුලියක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya