ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ධීවර වරාය පරිශ්‍රවල ඒකාබද්ධ මදුරු මර්දන වැඩ සටහනක්

    ජූලි 21, 2017

    ජාතික ඩෙංගු මර්දන වැඩ පිළිවෙලට සහය පල කරමින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ධීවර වරාය පරිශ්‍රවල ඒකාබද්ධ මදුරු මර්දන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    මේ අනුව දිවයිනේ ධීවර වරාය පරිශ්‍ර 20ක මෙම වැඩපිළිවෙල යටතේ පිරිසිදු කිරීම් සිදු කෙරේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ උපදෙස් පරිදි ධීවර වරාය සංවර්ධන නීතිගත සංස්ථාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

     
    ධීවර වරායවල අත්හැර දමන ලද ධීවර යාත්‍රා පිළිබඳ සමීක්ෂණය පසුගිය දිනවල සිදු කරන ලද අතර ධීවර යාත්‍රා 181ක් භාවිතයට නොගෙන අත්හැර දමා ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇත. එම ධීවර යාත්‍රා සියල්ලම මේ වනවිට විනාශ කර දැමීමට පියවර ගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya