ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලිපි ගොනුවලට සීමා නොවී ජනතා සේවය කිරීම වැදගත් ලක්ෂණයක් - ජනාධිපති ලේකම්

    ජූලි 23, 2017

    ලිපි ගොනුවලින් හැමදේම කරන්නේ නැතිව ඉක්මණින් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවාව ලබාදිය හැකිනම් එය රාජ්‍ය සේවයේ වැදගත්ම ලක්ෂණයක් බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

    එමගින් වැඩි සේවයක් ජනතාවට සපයමින් ජනතාව හා රජය අතර ඇති පරතරය අඩුකිරිමට හැකියාව ලැබෙන බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

    ‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ඉදිරි වැඩසටහන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ දී පසුගිය දා පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    අද දිසාපතිගේ සිට සියලුම නිලධාරීන්ට පරිගණක ඇතුළු නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණත් මා දිසාපතිවරයකු ලෙස සිටි මීට අවුරුදු 40ට පමණ පෙර කාලයේ මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් අපි අද කරන වැඩ එදත් කළා. එදා මා දිසාපතිවරයකු ලෙස කටයුතු කරන කාලයේ අද මෙතැන සිටින අය ඉන්න ඇත්තේ පාසලක පහේ හයේ පන්තිවල. අපි පරිගණක ගැන අහලා තිබුණේවත් නැහැ. ඒ කාලේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් මේ වගේ වැඩ කළා. අදත් එවැනි දේ කරන්න සිදුවෙලා තියෙනවා. අනාගතයේ දී මේ සේවා තවත් වැඩිදියුණු විය යුතුයි.

    ‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ නමින් මේ කරගෙන යන කාර්යයේ දී රාජ්‍ය නිලධාරීන්ට ඉතා විශාල මෙහෙවරක් සිදු කිරීමට වෙනවා. සෑහෙන කැපවීමක් කළ යුතුයි. ඇතැම් දිස්ත්‍රික්ක තියෙනවා ගැමියන්ට තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නත් අමාරුයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න ඒ සඳහා බලපානවා. නිලධාරීන් සමග සංයමයෙන් යුතු සහ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ දුෂ්කරතාව වැනි ප්‍රශ්න රාශියක් තියෙනවා. 1987 වර්ෂයේ දී පළාත් සභා පනත ගෙන ආ අවස්ථාවේ යම් වාසියක් ඔවුන්ට අත් වුණත් තවමත් නොවිසදුණු ප්‍රශ්න රැසක් ඉතිරිව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී දිසාපතිවරුන්ට මේ ප්‍රශ්න අමතක වෙලා යනවා. ඒවා විසඳන්න යම් ක්‍රියාවලියක අවශ්‍යතාව තිබෙනවා. මේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ඊට ඉතාමත්ම හොඳ පිළියමක් වේවි.

    කොපමණ බාධක තිබුණත් තමන්ට වැඩ කළ හැකි බව පසුගිය ආපදා අවස්ථාවේ දී දිසාපතිතුමන්ලා, ප්‍රාදේශීය ලේකම් තුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් සනාථ කර පෙන්නුවා. ඒ වගෙ ම මැතිවරණ අවස්ථාවල දී ද ඔවුන් අකුරටම නීතිය ක්‍රියාත්මක කරමින් තමන්ගේ ස්වාධීනත්වය මනාව ඔප්පු කර තිබෙනවා.

    අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ රටේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නිල මෙහෙවර ජනපති ජනතා සේවය සඳහා රජයේ සියලු අමාත්‍යාංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතන සහයෝගය දැක්විය යුතු බවයි.

     ගමේ ප්‍රශ්න ගමට ගොස් විසඳීමෙන් ඉදිරි අනාගතයේ දී කාර්යාලවෙත ගැටලු ඉදිරිපත්වීම අවම වන බවත් එමගින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකළ හැකි බවත් ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya