ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මොස්කව් ගුවන් ප්‍ර‍දර්ශනයට ගුවන් හමුදාපති එක්වෙයි

    ජූලි 23, 2017

    ‍ෙශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පසුගියදා රුසියානු වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය සහ රොස්ටික් රාජ්‍ය සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන 2017 අන්තර්ජාතික ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප‍්‍රදර්ශනය නැරඹිම සඳහා සහභාගි විය.  මෙම ප‍්‍රදර්ශනය අද (23) දින දක්වා රුසියාවේදී  පැවැත්වේ.

    මේ සඳහා රටවල් සහ කලාප 26 කට අයත් සමාගම් 800 කට ආසන්න ගණනක නිෂ්පාදන හා නව මාදිලි දහස් ගණනක් දින 6 ක් පුරා ප‍්‍රදර්ශනය කරනු ලබන අතර ප‍්‍රදර්ශනයේ පළමු දින තුන පර්යේෂණ හා සංවර්ධන ආයතන, ව්‍යාපාර සහ පුවත්පත් සඳහා  වන අතර අනෙකුත් දින තුන මහජනතාව සඳහා විවෘතව පවතී.

    1993 දී ආරම්භ කරන ලද මෙම ද්වි වාර්ෂික ප‍්‍රදර්ශනයේ අරමුණ වනුයේ   ඉහළ පෙළේ රුසියානු ගුවන් යානා සහ අභ්‍යවකාශ නිෂ්පාදන ප‍්‍රදර්ශනය කිරීම සහ විදේශීය හවුල්කරුවන් සමඟ ව්‍යාපාරික සබඳතා ප‍්‍රවර්ධනය කරගැනිම වන අතර   සංවිධායකයින් පවසන පරිදි 73,000 කට අධික වෘත්තිකයින් සංඛ්‍යාවක් ගුවන් සේවා ප‍්‍රදර්ශනය සඳහා අත්සන් කර ඇති අතර, සිය දහස් ගණන් නරඹන්නන් ද මෙම ප‍්‍රදර්ශනය නැරඹිමට පැමිනෙතැයි සංවිධායකින් අපේක්ෂාවෙන් සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya