ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට නියෝගයක්

    ජූලි 25, 2017

    ස්ථාන මාරුවීම් නියෝග මත සිටින සියලුම හෙද නිලධාරින් ලබන අගෝස්තු මස 01 දාට ප්‍රථම මුදාහරින ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද පාලන) එල්.බී.එම් රහුමාන් මහතා වෙත ඊයේ (24) නියෝග කර තිබේ.

     

    මෙම මුදාහැරීමේ  කටයුතු මැයි මස 01 දා සිට සිදු කරන ලෙස මීට පෙර නියෝග කළ ද එය විධිමත්ව සිදූ නොවී ඇති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    එලෙස කටයුතු නොකරන සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් චදී තිබෙන අතර අගොස්තු මස 01 දින වනවිට ස්ථාන මාරුවීම් නියෝග ලැබූ සියලුම හෙද නිලධාරීන් නව ස්ථානයට වාර්තා නොකළ හොත් රැකියා අහිමිවීමේ අවධානමක් ද මතුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (24) පැවති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වතු රෝහල් සංවර්ධනය කිරීම, දිවයින පුරා සියලුම රෝහල්වල පල්දෝරු පද්ධති ප්‍රතිසංස්කරණය කිරිම, සෞඛ්‍ය ආයතනවල අනුමත තනතුරු සංඛ්‍යාව වැඩිකර ගැනීම, පළාත් ආයුර්වේද රෝහල් සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම ඇතුලු සියලුම පළාත් සභාවල සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති ගැටලු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුනි.

    බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 513 ක විශාලත්වයෙන් යුත් රොස්බෙරිවත්ත ඔසු උයන සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, එහි වන අලින් සැරිසරන බැවින් ඊට වනජීවි සංරක්ෂණ දෙපාර්තමෙින්තුව අවසර නොදෙන බව මෙහිදී අනාවරණය විය. පසුගියදා පැවති ගංවතුරෙන් හානියට පත් කලවාන සහ අයගම රෝහල් සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් සදහා ගිලන් රථ සහ කැබි රථ ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya