ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කසළ කළමනාකරණයට උසස් තාක්ෂණික විසඳුමක්

    ජූලි 25, 2017

    කසළ ස්වභාවිකව දිරාපත්වීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමේ ජීව - තාක්ෂණික ක්‍රමවේදක් වන පාරිසරික "ප්‍රතිචක්‍රීකරණ පද්ධති තාක්ෂණය" (Environmental Recycling System - ERS) අනුගමනය කිරීමෙන් වේගවත් කසළ කළමනාකරණයකට යොමු විය හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්.ජී. කුලරත්න මහතා සඳහන් කරයි.

    තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ තුළින් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් 2020 වන විට නිකසල් රටක් වෙනුවෙන් පර්යේෂණ සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අද (25) පැවසීය.

     

    දැනට පවතින කාබනික පොහොර නිෂ්පාදනය සඳහා  දින 80 -90 පමණ වන කාලයක් ගත වන අතර මෙම උසස් තාක්ෂණික විසඳුම මඟින් එක් දිනක් තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියා පවතින බව කොතලාවල විශ්වවිද්‍යාලයේ ආචාර්ය හේමන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.

     

    2016 ඔක්තෝම්බර් මස 01 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ සමාජ විද්‍යාඥයින්ගේ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී  මෙම තාක්ෂණික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ කසල කළමනාකරණය සඳහා වඩාත් උචිත බවට නිර්දේශ කර තිබේ.

     

    නාගරික අපද්‍රව්‍ය වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචක්‍රීකරණයකට ලක් කළ යුතු අතර ඒ සඳහා මෙම ERS තාක්ෂණය යොදා ගත හැකි බව පෙන්වා දෙන ආචාර්ය හේමන්ත ප්‍රේමතිලක මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

     

    කැලි කසළ සම්පතක් බට පත් කරමින් උසස් ප්‍රතිමිතියෙන් යුතු කාබනික පොහොර හා සත්ත්ව ආහාර නිෂ්පාදනය කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya