ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පාසල් 3200 කට මිලියන 700ක් වටිනා පුස්තකාල පොත්

    ජූලි 26, 2017

    පාසලක ඉගෙනුම ලබන එක් සිසුවෙකුට අවම වශයෙන් කියවීම සඳහා පොත් 10 ක් පැවතිය යුතුය යන්න ජාත්‍යන්තර නිර්ණායකය යි. ඒ සඳහා ඉදිරි වසර 5 තුළ පාසල් පුස්තකාල තුළ භාවිත පොත් සංඛ්‍යාව 50% කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    එහි එක් පියවරක් ලෙස “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ පාසල් 3200 ක් වෙත පුස්තකාල පොත් ලබාදීම සඳහා රුපියල් මිලියන 700ක් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

     

    මෙලෙස පාසල් පුස්තකාල සඳහා ලබාගන්නා  සියලුම පොත් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ අනුමැතිය ලබා තිබිය යුතු වන බැවින් කිසියම් ප්‍රකාශකයෙකු හෝ කර්තෘ ප්‍රකාශකයෙකු පාසල් පුස්තකාල සඳහා පොත් ලබා දීමට අපේක්ෂා කරන්නේ නම්, නොපමාව ස්වකීය කෘති හෝ කෘතියට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.

     

    “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ප්‍රතිපාදන අනුව පාසල් පුස්තකාල සඳහා පොත් තෝරා ගැනීමේ දී පිළිපැදිය යුතු උපදෙස් සහ සැලකිල්ලට ගත යුතු නිර්ණායක සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා ද මේ වන විට කටයුතු යොදා ඇති අතර, පාසලට ආසන්නතම පොත් වෙළඳසැලකින් පොත් මිල දී ගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya