ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණයට විශේෂ වැඩපිළිවෙළක්

    ජූලි 26, 2017
    යල සහ මහ දෙකන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට සූරියවැව, හම්බන්තොට, අගුණකොලපැලැස්ස, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශ පදනම් කරගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපර්තමේන්තුව හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යන ආයතන ත්‍රිත්වය සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණයට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
     
    ඒ අනුව කරන ලද නිරීක්ෂණවලින් අනතුරුව අක්කර 954ක් නිසි පරිදි වගා කිරීමට හැකි වන අතර ඉන් ගොවි පවුල් 716 කට ප්‍රතිලාභ අත්වෙයි. මෙමගින් රජය දැරිය යුතු පිරිවැය අවම කරගනිමින් මනා ජල කළමනාකරණය තුළින් කෘෂිකාර්මික සංවර්ධනය ඇති වී රැකියා වියුක්තියට ද විසදුම් සැපයීමට හැකිවීම විශේෂත්වයකි.
     
    මෙහිදී  වැව් ප්‍රතිසංස්කරණයට පෙර කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ හරහා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ඵලදායීතාව ඉහළ නැංවීමේ ඉඩ කඩ සොයා බැලුවේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya