ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    ජූලි 26, 2017

    බස්නාහිර පළාතට තෙදින ඩෙංගු මදූරු මර්දන වැඩසටහනක්  හෙට (27) සිට දින 03 ක දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමේ වැඩපිළිවළෙට සමගාමීව මෙම ක්‍රියාකාරී සැළැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    හෙට ආරම්භ වන මෙම වැඩසටහන බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට සැළසුම් කර ඇති අතර නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරිම සඳහා කණ්ඩායම් 1200 ක් පත්කර ඇත.

     

    ලබන 28 දින සියලුම පාසල් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය. අගෝස්තු නිවාඩු මාසයේ ද සතියකට වරක් පාසල් පද්ධතිය පිරිසිදු කිරීමට සැළසුම් සකස් කර ඇත.

     

    බස්නාහිර පළාතට බඳවා ගත් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 දෙනාට සමගාමීව ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්ක වලට ද එම සහායකයින් 1000 ක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා කළේය. එම සහායකයින්ට ලැබෙන වැටුප වන්නේ රුපියල් 22,500 කි. වැඩකරන අමතර දිනවල දී රුපියල් 500 ක දීමනාවක් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළ අතර නොවැම්බර් මාසය වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යන බැවින් පරිශ්‍ර පිරිසිදූ කිරීම කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

     

    දිවයිනට පැමිණ සිටින ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් විසින් සකස් කළ සති 04 කින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50 ක් දක්වා අඩු කිරිම පිළිබද ක්‍රියාකාරි සැළස්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.

     

    ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.  එම ක්‍රියාකාරී සැළැස්මෙි විවිධ ක්‍රියාමාර්ග ඇතුළත්ව ඇති අතර, එම ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමෙි වගකීම ද විවිධ නිලධාරීන්ට පවරා ඇත. විශේෂයෙන්ම ජලය රැස්වන ස්ථාන ඉවත් කර ගැනීම සඳහා ජනතාව  බලගැන්වීමේ අවශ්‍යතාවය ද ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya