ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇමතිගෙන් උපදෙස්

    ජූලි 27, 2017

    වී අළෙවි මණ්ඩලය සතු සියලු වී තොග මිලට ගෙන වහාම සහල් කර වෙළෙඳපොළට  නිකුත් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමූපාකාර තොග වෙළඳ සංස්ථාවට  (CWE) උපදෙස් ලබා දී ඇත.

    අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබාදුන්නේ  පසුගියදා පාර්ලිමේන්තුවේ ජීවන වියදම් කමිටුවට රැස් වු අවස්ථාවේදීය.

     

    වෙළඳපළේ  දේශීය සහල් හිඟයක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙලෙස දේශීය සහල් තොග වෙළඳපළට  නිකුත් කරන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මේ අනුව වී අළෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන්  55,000 ක් ඉතා ඉක්මනින්ම සහල් කර වෙළඳපළට  නිකුත් කරන අතර මෙයට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000 ක්  මියන්මාරයෙන් හා පකිස්තානයෙන් ආනයනය කිරීමටද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya