ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ග්ලයිෆෝසෙට් පිළිබඳ විද්‍යාත්මක තීන්දුවක් අවශ්‍යයි

    ජූලි 28, 2017

    ග්ලයිෆෝසෙට් පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදු කර විද්‍යාත්මක තීන්දුවක් ගැනීම අවශ්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    "ධාර්මික ගොවිතැනක් - නිරෝගී ජනතාවක් - වස විෂ නැති රටක්” යන තේමාව යටතේ ව්ද්වත් කථිකාවක් ඊයේ  (27) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    උතුරුමැද පළාතේ වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ සිදු කර තිබෙන එම වාර්තාව සඳහා ඇමෙරිකාවේ විද්‍යා සම්මානයට පවා පාත්‍ර වූ බවත් 2 ඒ කාණ්ඩයේ පිළිකා ඇතිවීමට ග්ලයිෆෝසෙට් පාදක විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන  නිසා ග්ලයිෆෝසෙට් භාවිතය නතර කළ යුතු බව එම සංවිධානය ද දැනුම් දී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

    ග්ලයිෆෝසෙට් ආනයනයට තහනමක් පනවා ඇත්තේ එය සෞඛ්‍යයට අහිතකරයි යන සැකයක් තිබෙන නිසා බව පෙන්වා දුන් අමාත්‍යරවයා  ග්ලයිෆෝසෙට් තේ කර්මාන්තයේ විශාලතම වතුයාය සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය. මෙම වල් නාශකය කුඩා තේවතු හිමියන් භාවිතා නොකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, , ක්ෂමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya