ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන කොමසාරිස් වැඩ භාරගනී

    ජූලි 28, 2017

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන කොමසාරිස් ලෙස මෙරින් ජී.එ්. ගුණතිලක මහතා සිය ධූරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම අද (28) ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගුණතිලක මහතා මෙම තනතුර සඳහා පත් කළ අතර ඒ මහතා මේ වන විට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් ද කටයුතු කරයි.

     

    ලොව ළමුන් වෙනුවෙන් බිහි වූ විශාලතම ස්වෙච්ඡා සංවිධානය වන බාලදක්ෂ ව්‍යාපාරය මේ වන විට රටවල් 168ක පමණ පිහිටුවා ඇති අතර  එය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වූයේ 1912 වසරේදීය.  අභිනව කොමසාරිස් ධූරයට පත්වූ මෙරින් ගුණතිලක මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 19 වන කොමසාරිස්වරයා වේ.

     

     සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම බාලදක්ෂ මූලස්ථානයේ ඉදිකර ඇති ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයාගේ පිළිරුවටද මල්මාලා පලඳවමින් කොමසාරිස්වරයා විසින් උපහාර දක්වන ලදී.

     

    බාලදක්ෂ ව්‍යාපාරයට උපරිම වශයෙන් සේවාවවක් කිරීම තම අරමුණ බවත් ඒ සඳහා වත්මන් රජයේ සහ සිවිල් සමාජයේ සහයෝගයෙන් මෙම ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කරමින් සංවර්ධනය කර එම බාලදක්ෂ දරුවන් යහපත් පුරවැසියන් වශයෙන් රටට සහ ලෝකයට දායාද කළ යුතු බවත් මෙහිදී අදහස් දැක්වූ නව කොමසාරිස්වරයා පැවසීය. ඒ අනු‍ව දැනට අප රටෙහි සිටින 75,00ක් පමණ වන බාලදක්ෂ දරුවන් ප්‍රමාණය 2020 වසර වන විට ලක්ෂයක් දක්වා වර්ධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ, අජිත් සී. පෙරේරා, පාඨලී චම්පික රණවක යන මහත්වරුන්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති, විධායක කමිටු ලේකම්, බාලදක්ෂ කොමසාරිස්වරුන්වරුන් හා සාමාරිකයින්  ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya