ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට වරාය සහ චීන ගිවිසුම ආයෝජන සඳහා බදු දීමක් පමණයි

    ජූලි 28, 2017

    හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීමට විපක්ෂ කණ්ඩායම අද පාර්ලිමේන්තුවේදී කටයුතු කළ බව සෞඛය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    හම්බන්තොට වරායේ ණය හා පොලී ගෙවීම සඳහා රුපියල් මිලයන 9200ක් රජයේ ආදායමෙන් ගෙවීමට සිදු වන බවත් වසර 2020 වන විට එය වර්ෂයකට රුපියල් මිලියන 15200ක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම පාඩු වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් විදේශ ආයෝජන අවස්ථා ලබාගැනීමට කටයුතු කර තිබෙන බව ද සඳහන් කළේය.

    චීනය සමඟ ඇතිකර ගනු ලබන ගිවිසුම අනුව සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාව රජය යටතේ පවතින අතර චීනයට ආයෝජන අවස්ථා සඳහා බදු දීමක් පමණක් සිදු කෙරෙන බවත් එසේ සිදු කිරීමෙන් ඩොලර් බිලියන 1.1ක් නැති නම් මෙම වරායට වියදම් කලා මෙන් සිව් ගුණයක් මෙම ආයෝජනයෙන් ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ තුළින් විදේශ සංචිතය ඉහළ යාම, ඩොලරයේ අගය අඩු වීම, රුපියලේ අගය ශක්තිමත් වීම, බැංකු අනුපාත හා ජීවන වියදම අඩු වීම යනාදී සහන රැසක් ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා චීන සමාගම වසර 21ක් යන තෙක් මෙම ආයෝජනයෙන් ලාභ නොලබන බව ද සඳහන් කළේය.

    හම්බන්තොට වරායෙන් මෙවැනි ආයෝජන අවස්ථා ලබා නොගැනීම හේතුවෙන් කොළඹ වරායෙන් ලබා ගන්නා  ලාභය හම්බන්තොට වරායට යෙදවීමට සිදු වන බවත් මෙම හම්බන්තොට සහ ඉන්ධන තෙල් ටැංකි ආයෝජන නතර කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

    පෞද්ගලික වාසි වෙනුවෙන් මෙම පිරිස් කටයුතු කරන බවත් සමාජයේ නීතිය හා විනිය ක්‍රියාත්මක කිරීම යහපාලනයේ පළමු කාර්යය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙරට ආයෝජන අවස්ථා ඇති කරගනිමින් හම්බන්තොට වරාය සමඟ ඇති කරගනු ලබන ගිවිසුම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට අවස්ථාව තිබුණු බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා කඩකරමින් එම කණ්ඩායම අද පාර්ලිමේන්තුවේදී කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජ්බර් රහුමාන් මහතා පැවසීය.

    ප්‍රජාතන්ත්‍රවාදී විරෝධිව කටයුතු කරමින් ආණ්ඩුවේ ගමන වළක්වමින් ආර්ථිකය කඩාදැමීමට එම පිරිස් කටයුතු කරන බවත් ඒ සඳහා යම් යම් තීණ්දු තීරණ ගෙන ආණ්ඩුවට ඉදිරියට යාමට සිදු වන බවත් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    රටට ආදර්ශයක් සැපයිය යුතු පාර්ලිමේන්තුව නවක මන්ත්‍රීවරුන්ට පවා වැරදි ආදර්ශ ලබාදෙමින් අද දින කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් කතානායකවරයාටත්, අන්තර් ජාතික පාර්ලිමේන්තුවටත් පැමිණිලි කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya