ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සාම සාධක මෙහෙයුම් සමුළුව කොළඹ දී

    ජූලි 29, 2017
    ශක්තිමත් සාම සාධක මානසිකත්වයක් ගොඩ නැගීමේ අභියෝගයන් (“Challenges of Developing a Robust Peacekeeping Mindset”) මැයෙන් ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (Asia-Pacific Peace-keeping Training Centre Commandants’ Conference - APPTCCC) සහ ආසියා පැසිෆික් සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (Association of Asia-Pacific Peace Operations Training Centres - AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අගෝස්තු 1දා සිට 3දා දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    අටවැනි වරටත් සංවිධානය වන මෙම වාර්ෂික සමුළුව සහ මහා සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය (The Institute of Peace Support Operations Training in Sri Lanka - IPSOTSL), බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (Institute of Peace Support Operations Training in Bangladesh - BIPSOT) සහ එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානය (United States Pacific Command - USPACOM) යටතේ වු ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (Global Peace Operations Initiative - GPOI) එක්ව සම්බන්ධිකරණය සපයයි.
     
    මෙවර පැවැත්වෙන ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව සඳහා ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බුරුමය, කාම්බෝජය , චිනය, ෆිජිය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ජපානය, මැලයසියාව, මොංගෝලියාව, නේපාලය, නවසීලන්තය, පකිස්ථානය, පැපුවා නිව්ගිනියාව, පිලිපිනය, කොරියානු ජනරජය, තායිලන්තය, වියට්නාමය, ශ්‍රී ලංකාව සහ බෲනයි යන රටවල් 21 ක නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය.
     
    එයට අමතරව ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (GPOI), ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය (IPSOTSL), බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (BIPSOT) එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO), OMA, ALCOPAZ, APSTA, EAPTC යන ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සමුළුව සඳහා සහභාගි වේ.
     
    මෙම ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුවේ සංකල්පය 2008 වර්ෂයේ ප්‍රථම වරට බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (BIPSOT) විසින් හඳුන්වාදුන් අතර, මෙමගින් ආසියා පැසිෆික් සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානය සාමාජිකයන් අතර සම්බන්ධතාවය ඇතිකර ගනිමින් එක්සත් ජාතින්ගේ විෂය නිර්දේශය සහ සහයෝගිතාවය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනිම සඳහා මෙම සමුළුව පවත්වනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya