ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සාර්ක් වෛද්‍ය විශ්වවිද්‍යාලයට නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්

    ජූලි 29, 2017

    සාර්ක් කළාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සඳහා පුර්ණ නායකත්වය සැපයීමට ශ්‍රී ලංකාව සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ දී අද (29) ආරම්භ කෙරුනු 06 වන සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    දකුණු ආසියානු රටවල් මුහුණ දී ඇති ගැටලු රැසක් පවතින අතර ඒ පිළිබඳව පසුගිය දෙදින පැවැත් වූ ඡ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීමේ දී ද අවධානය යොමු කරමින් අනාගත විසඳුම් යෝජනා කළ බවත්  දකුණු ආසියානු රටවල බිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන අතර, ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය ජනගහනය වැඩි රටවල් අතර ප්‍රමුඛස්ථානය උසුලන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ බෝනොවන රෝග, මන්දපෝෂණය, ක්ෂය රෝගය, අප රටවල් මුහුණ දී ඇති ගැටලු වන අතර ජනගහනයෙන් සියයට 32 ක් ක්ෂය රෝගයට ගෙදුරු වී ඇති අතර වාර්ෂිකව මිලියන 3.1 ක් එම රෝගයට ගොදුරුව පීඩා විදින බවයි.

     

    මැලේරියාව තුරන් කළ රටවල් ලෙස ශ්‍රී ලංකාව හා මාලදිවයින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙන නමුත් සංක්‍රමණිකයින් හේතුවෙන් විවිධ රෝගාබාධවලට අප කලාපිය ජනතාව ගොදුරුවන බව කිව යුතුයි. දකුණු ආසියානු කළාපයේ දිශානතිය නව මානයකට යොමු කරමින් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් සෙවිය යුතුයි. කළාපයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලමින් කාන්තා අයිතීන් සුරැකිය යුතුයි. බෝවන රෝග අඩු වුව ද, බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරීමට රටවල් පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව මේ සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, ඊට නායකත්වය සපයමින් බෝනොවන රෝග අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත්කර ඇත. එය අප සතු ශක්තියකි. රටවල් මුහුණ  දී ඇති අභියෝග, බාධක, හඳුනාගනිමින් මෙවර සමුළුවේදී ජනතාවගේ සෞඛ්‍ය සේවා නංවාලීම සඳහා වැදගත් තීන්දු තීරණ ගත යුතු බව ද අමාත්‍යරයා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, සාර්ක් මහලේකම් අම්ජාඩි බී සියාල් මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන්, වෛද්‍යවරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya