ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි

    ජූලි 30, 2017

    නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ ද, එම පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකච්ඡා පවත්වන අවස්ථාවේ දී සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුයේ ද මෙම පුද්ගලයා ව්සිනි. ඒ බව එම සාකචිඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා හොදින්ම දන්නා කරුණකි. එවැනි සහයෝගයක් ලබාදුන් පුද්ගලයෙකුට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කිරීම විලිලැඡ්ඡාවට බදුන්වන කරුණකි. තම කර්තව්‍යය අවසන් වූ පසු සහයෝගය දැක් වූ පුද්ගලයාට විවේචන එල්ල කිරීම වෘත්තීය සමිතියක ලක්ෂණයක් නොවෙයි. එය දේශපාලන වෘත්තීය සමිතියක ලක්ෂණයකි. දුම්කොළ සමාගමට එරෙහිව රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇත. ඒ දුම්කොළ භාව්තයෙන් ජනතාව බේරා ගැනීමටය. නමුත් දුම්කොළ සමාගමට එරෙහිව රජය තීන්දු, ප්‍රතිපත්ති, ක්‍රියාත්මක කරන්නේ වෛර සිතකින් නොවෙයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ වෛරී සහගතව බව පෙනී යයි.

    දුම්කොළ බදු සියයට 90 කින් ඉහළ දැමූ අවස්ථාවේ දී මාධ්‍යය ද මෙම ප්‍රවෘත්තිය ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පළ නොකරන ලදි. නමුත් ඇතැම් පුවත්පත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශය ප්‍රධාන පුවත බවට පත් කරගෙන ඇත. මාධ්‍ය සදාචාරය මෙය ද, ලෝක සෞඛ්‍ය සංව්ධානය පවා දුම්කොළ බදු පැනවීමෙි වැඩපිළිවෙල අගය කරන අවස්ථාවක මාධ්‍ය මගින් අගය නොකිරීම පුදුමයට කරුණකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya