ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු මර්දනයට ආරක්ෂක අංශ සහාය තවදුරටත්

    ජූලි 31, 2017

    මේ වනවිට දිවයිනට වසංගත තත්ත්වයක් මට්ටමට වර්ධනය වී ඇති ඩෙංගු රෝගය වැලැක්වීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන වැඩසටහන්වලට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පසුගියදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

    ඒ අනුව  පාසල් සිසුන්, ගුරුවරුන්, කාර්යමණ්ඩල, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාග වූ අතර ඒ වෙනුවෙන් යුධ හමුදා සාමාජිකයින් 791 දෙනක් සහභාග වී ඇති අතර මේ මගින් විශේෂයෙන් පාසල්, පොදු ස්ථාන මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාව මෙන්ම අවදානම පවතින ස්ථාන හඳුනා ගැනීම සහ පිරිසිදු කිරීම සිදුකොට ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    එම වැඩසටහනට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව ද මෙම ජාතික වැඩපිළිවලට ක්‍රියාකාරිව සහභාග වී උතුරු නැගෙනහිරද ඇතුළුව ඩෙංගු අවදානම පවතින පාසල් 40ක් පිරිසිදු කිරීමට දායකත්වය දක්වා ඇත. මේ වෙනුවෙන් 633ක නාවික භටපිරිසක් සහභාග වී ඇත.

    ගුවන් හමුදාවද මෙම තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනට සක්‍රිය දායකත්වය ලබාදී ඇති අතර ගුවන් හමුදා කඳවුරු අවට ඩෙංගු අවදානම සහිත පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබාදී ඇත. ඒ සඳහා 715 කට අධික ගුවන් හමුදා භට පිරිසක් සහභාග වී ඇත.

    සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ද මෙම වැඩසටහනට එක්වෙමින් කෙළඹ කොළොන්නාව, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන හා මීගමුව යන ඩෙංගු අවදානම් ප්‍රදේශවල ඩෙංගු මර්දනය කටයුතු සිදු කර තිබේ.  ඒ සඳහා 150 කට අධික සිවිල් ආරක්‍ෂක භට පිරිසක් සහභාගි වී සිටි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya