ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නිල ඇඳුම් වවුචර් විවේචනය කළත් එය විශාල ඉතිරියක්

    අගෝස්තු 01, 2017

    නිල ඇඳුම් වවුචරය ලබාදීම විවේචනය කළ නමුත් ඒ මගින් රජයට අති විශාල මුදල් ප්‍රමාණයක් ඉතිර කර ගනිමින් නිල ඇඳුම් ලබාගැනීම සඳහා සිසු දරුවන්ට ලබා දෙන වවුචර පතෙහි වටිනාකම වැඩි කිරීමට හැකි වූ  බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ ක‍ළේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති වෘත්තීය දේශකයින්ගේ සංගමයේ හත්වන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

    තම දරුවන්ට කුමන හෝ මාර්ගයකින් හොඳ අධ්‍යාපනයක් ලබාදීම සියලු මාපියන්ගේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් වෘත්තීය දේශකවරුන් දක්වන දායකත්වය අගය කළ යුතු බවත්  අමාත්‍යවරයා පැවසීය.

    පාසල් පැවැත්වෙන කාල සීමාව තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම අනුමත නොකරන බව පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ සාරධර්ම සුරකින යහපත් පුරවැසියකු නිර්මාණය කිරීම බවත් පෙන්වා දුන්නා.

    මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වී ඇති හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටට වාසිදායක හවුල් ව්‍යාපාර ඇති කරගනිමින් රැකියා අවස්ථා නිර්මාණය කරදීම රජයේ අපේක්ෂාව බවයි. ජනතාව මත අධික බදු බර පටවමින් හම්බන්තොට වරාය තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට එය බදු දීම සිදු කළේ ද පසුගිය රජය විසින් විකුණා දමා තිබූ කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය බදු ගිවිසුමක් මගින් යළි පවරාගැනීමට කටයුතු කළේ  ඒ අනුව බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    කාලයක් පුරා වෘත්තීය දේශකයන් ලෙස සිය දායකත්වය ලබා දුන් ප්‍රවීණයන් වෙත උපහාර සම්මාන ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වූ අතර මෙම උත්සව අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya