ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලාභදායීම ක්‍රමය සූර්යබලශක්තියයි - විදුලිබල ඇමැති

    අගෝස්තු 01, 2017

    සූර්යබල සංග‍්‍රාමය සමස්ත දිවයිනේම ව්‍යාප්ත කරමින් ඉදිරියට ගෙනයන අතර එම නිසා මෙම වැඩසටහනට සංග‍්‍රාමය ලෙස නම් තබා තිබෙන බවත්  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    මේ දිනවල 70%ක් විදුලිය ඉන්ධනවලින් නිපදවීම සිදු කෙරෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජල විදුලිය නිපද වන්නේ 36%ක් බව ද පෙන්වා දුන්නේය. ගල් අඟුරු සඳහා ද විශාල වියදමක් දැරීමට සිදු වන බැවින් සමකයට ආසන්න රටක් ලෙස සූර්යබල විදුලි නිෂ්පාදනය වඩාත් ලාභදායී ක්‍රමයක් බවත් මෙතෙක් කාලයක් සූර්යබල ශක්තිය සඳහා යොමු නොතිබුණු අතර මේ වන විට කුමන බාධාක පැමිණියද සූර්යබල සංග්‍රාම වැඩසටහන ඉදිරියට ගෙන යන බවත් සඳහන් කළේය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සූර්යබල සංග‍්‍රාමයට සමගාමීව ආගමික ස්ථානයන්ට සූර්යබල පද්ධති ලබාදීම යටතේ, මාවනැල්ල තිරිංගදෙනිය කතෝලික දේවස්ථානයට සූර්යබල පද්ධති ලබාදීම වෙනුවෙන් සංවිධානය කර තිබූ  උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

    "සූර්යබල සංග‍්‍රාමයේ විශේෂ වාසි තමයි අපේ රටේ මුදල් පිටරටට ඇදි යන්නේ නැහැ. පරිසරය ආරක්ෂා වෙනවා. ඒ වගේම රටේ විදුලිබල පද්ධතිය සමතුලිත වෙනවා. අපේ උත්සාහය තමයි රටේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්යබලාගාර බවට පත්කිරීමයි . මේක හොඳ වැඩක්. ඒත් හොඳ වැඩ ඉදිරියට ගෙනයන එක ටිකක් අමාරුයි. මාධ්‍ය තුළින් වුනත් ප‍්‍රචාරය වෙන්නේ හොඳ දේකට වඩා නරක දේවල්. අපේ ජනතාව අහන්න දකින්න කැමති නරක දේවල්. ඒ නිසා හොඳ වැඩ ඉදිරියට ගෙනයන්න වෙලා තියෙන්නේ ඉබි ගමනින්. මේ සූර්යබල සංග‍්‍රාමය වේගවත් කරන්න තමයි, ජනතාව උතුම්කොට සලකන ආගමික ස්ථානයන්ට සූර්යබල පද්ධති නොමිලයේ ලබාදීමට අපි තීරණය කළේ" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya