ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන එන රටවල් අතර චීනය ප්‍රමුඛ රටක් - අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්

    අගෝස්තු 03, 2017

    ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබා දෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිබෙන බවත් කොළඹ  වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික අංශයේ සමාගම් හරහා මෙරටට ලැබෙන ආයෝජනද වැඩි වෙමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා පවසයි.

    ලංකාව චීනයේ එක් තීරයක්-එක් මාවතක් යන සංකල්පයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවට පත්වී තිඛෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  පසුගිය දින කොළඹ පැවැත්වුනු චීන ශ්‍රී ලංකා ගොඩනැගිලි කර්මාන්ත අයෝජන සැසිය අමතමිනි.

    මෙම අවස්ථාවට මෙරට සිටින චීන තානාපති යී සියාන්ලිං  ‍Yi Xianling- මහතාද සහභාගි විය.

    2016 දී ශ්‍රී ලංකාවට පෞද්ගලික  විදේශ ආයෝජන  ලබා දුන් ප්‍රධානතම රටවල් 10 ලැයිස්තුවේ පස්වන ස්ථානයේ සිටින්නේ චීනයයි. ඒ වසරේදී ඩොලර් මිලියන 52 ක ආයෝජන චීන සමාගම් විසින් මෙරටට සිදු කරනු ලැබුුවේ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා පවසයි

    එම සැසිය අමතමින් චීන තානාපති යී සියාන්ලිං මහතා පැවසුවේ පසුගියදා අත්සන් තැබූ හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව යම් යම් පාර්ශවයන් වැරදි අදහස් ප්‍රකාශ කර තිබෙන බවයි.

    "මෙම ගිවිසුම චීනයේ උපාය මාර්ගික හෝ හමුදා (මිලිටරි ) සැලැස්මක් විය හැකි යැයි යන වැරදි මතයක් ද පළ වෙනවා.  මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. සිදුවුනේ චයිනා මර්චන්ට් සමාගම හා ලංකා වරාය අධිකාරිය අතර සරල වාණිජ ගිවිසුමක් පමණයි. යම් වරායක් ස්ථාපනය කළ පමණින්ම ඉන් රටට ප්‍රතිලාභ ලැබේ යයි සිතීම නිශ්ඵලයි. එය අර්ථවත් වන්නේ ඒ ආශ්‍රිතව  නිශ්පාදන කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීම සහ ඒවා එම වරායෙන් නැව්ගත කිරීමෙන්. මින් පෙර අවස්ථාවක මා ගරු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළේ, හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ස්ථාපනය කරන්නේ නම් එයට චීන රජයේ අනුග්‍රහය ලබා දිය හැකි බවයි. ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙලෙඳාම 2016 ඇමෙරිකන් ඩොලර් බිලියන 4.2 කි. දැනට දෙරට අතර ද්විපාර්ශ්වීය වෙලෙඳාම සඳහා භාවිතා කරන ඇමෙරිකන් ඩොලරය නොව චීන මුදල් ඒකකය වන යුවාන්  (රෙන්මින්බි) දෙරට අතර සිදු කරනු ලබන වෙලෙඳ හා වාණිජ ගනුදෙනු සහ ආනයන අපනයන වලදී ද යොදාගන්නේ නම් දෙරට අතර වෙලෙඳාම ඩොලර් බිලියන 4.2 ඉක්මවා වර්ධනය කළ හැකියි. එබැවින් ඇමෙරිකානු ඩොලරය නොව චීන යුවාන් මුදල් ඒකකය දෙරට අතර ද්විපාර්ශ්වීය වෙලෙඳාම සඳහා භාවිතා කරන මෙන් මා ශ්‍රී ලංකාවට යෝජනා කරනවා.”

    දැනට ලංකාවෙන් භාණ්ඩ මිළදී නොගන්නා චීන සමාගම් ද මෙවැනි වෙනසකින්  පසු මෙරට භාණ්ඩ මිළදී ගැනීමට ඉදිරිපත් වීමෙන් දෙරට අතර ද්විපාර්ෂ්වීය වෙලෙඳාම සහ ආයෝජන අවස්ථා වල සීග්‍ර වර්ධනයක් සිදුවිය හැකි බව තානාපති වරයා මෙම අවස්ථාවේදී සඳහන් කළේ ය. දැනටමත් වියට්නාමය වැනි රටවල් චීනය සමඟ වෙලෙඳ ගනුදෙනු කරන්නේ යුවාන් මගින බව හා එය සාර්ථක වූ බවත් ඔහු අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya