ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හෙද විද්‍යාල 04 ක් සංවර්ධනය කිරීමට පියවර

    අගෝස්තු 04, 2017

    දිවයින පුරා පිහිටි හෙද විද්‍යාල සංවර්ධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු යොදා ඇත.

    ඒ අනුව 2017 වසරේ දී කලුතර, ගාල්ල, අනුරාධපුරය සහ මහනුවර යන හෙද විද්‍යාල සංවර්ධනය කිරීමට නියමිතය. වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. ඒ අනුව කලුතර, ගාල්ල සහ අනුරාධපුරය යන හෙද විද්‍යාල සඳහා පස්මහල් ගොඩනැගිලි හා පරිපාලන සංකීර්ණ ඉදිකිරිමට මේ වන විටත් පියවර ගෙන ඇත.

    මහනුවර නව හෙද විද්‍යාලය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (05) පස්වරු 5.00 ට මහනුවර දී සිදු කිරීමට නියමිතය.

    දැනට පවතින හෙද විද්‍යාල සංවර්ධනය කිරීමෙන් පසු හෙද හෙදියන් වැඩි වශයෙන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල් භුමියේ හෙද පීඨයක් ද ස්ථාපිත කරන අතර, එමගින් වසරකට හෙද උපාධිධාරීන් 2000 ක් බිහි කිරිමට සැළසුම් කර ඇත. එම උපාධිධාරීන් ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන ආකාරයෙන් බිහි කිරීමටත් සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya