ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ජනතාවට "දියවර පියස" නමින් ගම්මාන ව්‍යාපෘතියක්

    අගෝස්තු 06, 2017

    ධීවර ජනතාවට අංග සම්පූර්ණ නිවාස ඉදිකර දීම සඳහා ධීවර හා  ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියක් "දියවර පියස" නමින් ක්‍රියාත්මක කෙරේ.

    ඒ යටතේ ඉදි වෙන ප්‍රථම "දියවර පියස" ආදර්ශ ගම්මානය වශයෙන් පුත්තලම,කල්පිටිය කීරීමුන්දලම ගම්මානය තෝරා ගෙන ඇත.

    රුපියල් ලක්ෂ 150ක වියදමින් කීරීමුන්දලම ග්‍රාමයේ අඩක් නිම කරන ලද නිවාස 50ක් ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ කෙරේ.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළි‍වෙල ඇරඹීමට නියමිතය.ඒ යටතේ ධීවර නිවාසවල අළුත්වැඩියා කටයුතු සිදු කර ගැනීම සඳහා එක් නිවසකට රුපියල් ලක්ෂ 3ක් බැගින් ප්‍රදානය කිරීමට නියමිතය.

    දැනට තම නිවෙස්වල ඉදිකිරිම් කටයුතු අර්ධ වශයෙන් අවසන් කර ඇති ධීවර නිවාස විශාල ප්‍රමාණයක් රට තුළ තිබෙන අතර එම ධීවර ප්‍රජාවට අංග සම්පූර්ණ කුඩා නිවසක් බැගින් ලබා දීම තමාගේ මෙන්ම රජයේ ද අරමුණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් කෝටි 120ක මුදලක් 2017 වර්ෂයට ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya